LI – ION CORDLESS
LI – ION CORDLESS
Description
MPT වෙළඳ නාමය සහ MCDT 1226 B-2 යන මොඩලය යටතේ මෙම උපකරනය ඉදිරිපත් කරන්නෙමු .
වෝල්ට් 12 විදුලියෙන් ක්‍රියා කරන මෙහි බැටරිය ඇම්පියර 1.5 ක බලයක් සහිතය.
දක්ෂිණාවර්ත මෙන්ම වාමාර්ත භ්රමනයෙන් යුතු බැවින්, ස්කුරුප්පු ඇණ ආදිය සවි කිරීම්, ගැලවීම පහසුවෙන් සහ වේගවත්ව සිදු කල හැක. තවද භ්‍රමණ වේගය පාලනය කල හැකි අතර බර යෙදීමත්, අවශ්‍ය පීඩනය පාලනය කිරීමේ යාන්ත්‍රික හැකියාවත් සහිතය. (Torque control , speed control, running order control )
මෙය ආරෝපනය කිරීමෙන් ක්‍රියා කරවිය හැකි අත් විදුම් යන්ත්‍රයකි. එමෙන්ම භ්‍රමන වේග දෙකක් සහිතය. විනාඩියකට වට 400 හෝ 1200 යටතේ ක්‍රියා කරවිය හැකිය.
කිලෝ ග්‍රෑම් 1.6 ක බරකින් යුතු අතර හොද බලයක් සහිත මේ උපකරනය වෘත්තීය කාර්මිකයින් වෙත විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නෙමු .
ලිතියම් අයන් වර්ගයේ ආරෝපණ බැටරියක් සහිත සුරුවම් නිමාවකින් යුතු මෙහි ඩ්‍රිල් චක් හිස මිලී මීටර 13 ප්‍රමාණය සහිතය.
ඉතා පහසුවෙන් විදුම් කටු හෝ අනෙකුත් යෝග්‍ය උපාංග සවි කර ගැනීමටත් ගැලවීමටත් හැකි ආකාරයෙන් ඩ්‍රිල් චක් හිස ක්‍රියා කරවිය හැකිය.
වැසි දියට හෝ ජලයෙන් තෙමීම ට ඉඩ නොතබා සිටීම, බැටරි අග්‍ර ලෝහ හරහා සම්බන්ද වීම වැලක්වීම (short circuit )
බටරිය ආරෝපණය කරන විට එය උනුසුම් වී ඇත්නම් සිසිල් වූ පසු ආරෝපණය කිරීම,
විනාඩි 60 ක කාලයක් පමනක් ආරෝපණය කිරීම සහ නිසි පරිදි බැටරිය සවි කිරීම , ගැලවීම ගැන සැලකිලිමත් විය යුත්තේය.
ආරක්ශක උපකරණ පැළද වැඩෙහි යෙදීම ගැනත් ළමයින් අතට හෝ නුපුහුණු අය අතට මෙම උපකරනය පත් නොකිරීමටත් වග බලා ගත යුතුය. උපරිම වේගය යටතේ වැඩෙහි යෙදෙන විට හරස්කඩ අඩු ඇමුණුම් තල පාව්ච්චිය ගැන සැලකිලිමත් වන ලෙස අවවාද කෙරේ .හෝල් සෝ හෙවත් රවුම් සිදුරු කපන උපාංග භාවිතා කරන විට අඩු වේගය යොදා ගැනීම ගැන අවධානය කෙරේ.
මේ අගනා අත් විදුම් උපකරනය වඩු කර්මාන්තයට සහ ඇලුමිනියම් වැඩ කරුවන්ට , ගරාජ වල වැඩට ඉතා ප්‍රයෝජනවත් ය. සීලිම හෝ පැන්ට්‍රි, පැන්ට්‍රි කබඩ් ආදිය , ජනේල පියන් දොර සරනේරු සවි කිරීම වැනි වැඩට මෙය කදිම සහයෝගයක් ලබා දෙන්නේය.
පාරිභෝගික ඔබ වෙත සාඩම්බරයෙන් හදුන්වා දෙන මේ අත් විදුම් යන්ත්‍රය අප වෙතින් ලබා ගන්න.ඔබේ වැඩ වඩා කාර්යක්ශම ලෙස උසස් නිමාවෙන් යුතුව සිදු කිරීමට මෙය පාවිච්චි කරන්න. වැඩ කිරීමේ සතුට ඔබ මෙමගින් ලබනවා නොඅනුමානය
Reviews (0)
Reviews
There are no reviews yet.
Related products
X-CORT ANGLE GRINDER -750W
-
(0)
JIG SAW MACHINE
-
(0)
ELECTRIC SANDER
-
(0)
IMPACT DRILL MACHINE
-
(0)
DIE GRINDER KIT – 173 PCS
-
(0)
SUBMERSIBLE PUMP
-
(0)
CONCREET VIBRATOR
-
(0)
ELECTRIC ROUTER
-
(0)
-
(0 customer reviews)